Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ශ්‍රී ලංකන් පාඩුව භාගයකින් අඩුවෙයි" | "ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි. විනිමය අලාභය හා පොලී පිරිවැය 2022/2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 51.4 දක්වා සියයට 130.5කින් ඉහළ යෑම හේතුවෙන් මෙකී අලාභය සිදු වී ඇති බව... |
"හිරුණිකාට සැප නෑ" | "බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා කීය. ඇයට විශේෂිත වරප්‍රසාද කිසිවක් නොලැබෙන බවත් ඇයව මෙතෙක් වැඩ අංශයට යොමු කර නැති බවත් හෙතෙම පැවසීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වසර තුනක බරපත... |
"‘ජල්තර්‘ බෙහෙත් ‘පොර’ යළිත් ටෙන්ඩර් දාලා" | "තත්ත්වයෙන් බාල හියුමන්ඉමියුනෝ ලොබියුලින් හා පිළිකා ඖෂධ සම්බන්ධ නඩුවේ සැපැයුම්කරු තවත් ප්‍රතිදේහ ජනක ඖෂධ, ව්‍යාජ නිෂ්පාදකයන්ගේ නම් සඳහන් කරමින් මෙරටට ගෙන්වීමට ප්‍රසම්පාදන ඉල්ලුම් පත් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අදාළ ප්‍රශ්න සහගත ඖෂධ සැපැයුම්කරු බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභා... |
"කැබිනට් යෝජනාවෙන් මුද්‍රණාලය නොසන්සුන්" | "නව දිරි දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල යෝජනාවක් හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයන් අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි එහි වෘත්තීය සමිති කියා සිටි. ජාතික මැතිවරණ ආසන්නයේ සේවකයන් අතර කැළඹීමක් ඇති කිරීමට එම යෝජනාව හේතු වී ඇතැයි ද එම වෘත්තීය සමිති පවසයි. එබැවින් එම නව දිරි දීමනා යෝජනාව ලබාදීම මැතිවරණ... |
"ඥානසාර හිමිගේ නිදහසට ඇමැති වැට බඳී" | "බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත එය කල් ගත වෙමින් පවතින බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තාවේ. අදාළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන ... |
"පක්‍ෂ කඩලා ඡන්ද දිනන්න බෑ" | "දේශපාලන පක්ෂ බෙදා වෙන්කොට මැතිවරණ ජයග්‍රහණය කිරීමට අතීතයේදී හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවත් හෙතෙම කීය. 2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුම වූ අන්ත පරාජය... |
"රාජ්‍ය සේවකයන් 2.9%කින් බහී" | "රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 1,353,860කි. නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීම, නව තනතුරු ඇති කිරීම අඩ... |
"කැතීටර්කරණ දරහැවකට කර ගහන්න යයි" | "2007 වර්ෂයේ නිෂ්පාදිත, තාක්ෂණික ලක්ෂණවලින් සමන්විත හෘද කැතීටර්කරණ යන්ත්‍රයක් රුපියල් මිලියන තුන්සිය පනහකට අධික මුදලකට ජර්මනියෙන් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ද ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. බදුල්... |
"රෝහල් සුළු සේවකයෝ අනිද්දා පාරට" | "ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් දිවයිනේ සමස්ත රජයේ රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය සහායකයන් 32,000කට අධික පිරිසක් අනිද්දා (09 වැනිදා) සිය සේවාවලින් ඉවත් වී සෑම රෝහලක් ඉදිරිපිට දීම දහවල් 12.00 සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසූහ... |
"ක්ෂය රෝගීන් හැංගිලා" | "මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ජනගහනයට ලක්ෂයකට රෝගීන් හතළිස් දෙකක් පමණ යැයි ද එයට ප්‍රධාන හේතුව තමන් මෙම රෝග තත්ත්වයට ගොදුරුව තිබුණ ද නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීම හා ඒ පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය අඩු මට්ටමක පැවැතීම යැයි ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි. එම වැඩසටහන මඟින් නිකුත්කරැති වාර්තාවකට අනුව 202... |
"කෝටි තිහක රෙපෙයාර් විගණනයට හසුවේ" | "තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ඉකුත් වසර පහක කාලයේ දී වාහන අමතර කොටස් මිල දී ගැනීම, සේවකයන් සඳහා වැටුප් සහ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) වැය කර ඇතත් අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව, එක් එක් වාහනයකට යොදනු ලැබූ අමතර කොටස් පිළිබඳ තොරත... |
"ව්‍යාපෘති අටක් කැලේ මිලියන 586ක් වළේ" | "ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසර 08ක කාලයේ දී (2013 සිට 2020) ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති 08ක් ඒවායේ වැඩ අවසන් නොකොට අත්හැර දමා ඇති අතර එම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 586.02ක මුදලක් වැය කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 1,604.21කි. එමෙන්ම වැඩ... |
"රටේ සාධාරණය නැත්තේ දේශපාලකයෝ නිසා – කාදිනල්තුමා" | "මේ රටේ සාධාරණ සමාජයක් ඇති කිරීමට නොහැකි වී ඇත්තේ ඇතැම් දේශපාලකයන් ගෙනයන ප්‍රතිපත්ති නිසා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මඩුවන්දනා දෙව්මැඳුරේ පැවති ඓතිහාසික දේවමාතා ඔටුනු පැලඳවීමේ සියවස් ජයන්ති මංගල්‍යය අමතමින් පැවසීය. කාදිනල්තුමා මෙසේද කීවේය. ඇතැම් දේශපාලකයන් හා ජාතීන් අතර භේද වපුරවමින් ඔවුන් එකිනෙකා ඇ... |
"මම නම් ඉල්ලන්නේ නෑ – පොහොට්ටුවේ අපේක්‍ෂකයා නැකතටම කියන්නම් – මහින්ද" | "ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය සඳහා කුමන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ජනාධිපති ර... |
"‘මගෙන් රටට’ සභාපති සංජය මහවත්තට ඇප" | "අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දූෂිත බවට ඔවුන්ට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. පොලිස් නිලධාරීන් හෝ රජයේ නිල... |
"ඉස්සන්-ඉල්මනයිට් ඉඩම් ජිල්මාට් නවත්වනු වාකරේ විරෝධතා" | "ඉස්සන් වගාවට සහ ඉල්මනයිට් හෑරීමට වාකරේ ජනතාවගේ ඉඩම් රජයේ මැදිගත් වීම මත පෞද්ගලික සමාගම්වලට ලබාදීමට උත්සාහ කරන බව චෝදනා කරමින් වාකරේ ජනතාව (05 දා) කතිරවේලි ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පවත්වා වහාම මෙම ව්‍යාපෘති නවතා දමන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා කතිරවේලි තැපැල් කාර්යාලයට පැමිණ ලිපි තැපැල් කළහ. මෙම විරෝධතා පාගමනට තුන්සි... |
"ශ්‍රීලනිප මූලස්ථානයේ කලබැගෑනියක්: දයාසිරි ඩාලි පාර රත් කරයි" | "අධිකරණ නියෝගයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරය තහවුරු වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (05දා) එම තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීමත් සමග එම ප්‍රදේශයේ විශාල කලබැගෑනියක් හට ගත්තේය. ඊයේ (05දා) අලුයම සිට ශ්‍රී.ල.නි.ප. මූලස්ථානය අව... |
"අකුරණ ගිනි – කෝටි ගණනක පාඩුවක්" | "බේකරි නිෂ්පාදන අලෙවි කරන අකුරණ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක තෙමහල් ගොඩනැඟිල්ලක ඊයේ (5 දා) උදෑසන හටගත් ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර-යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලිසිය පියවර ගත්තේය. විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇතැයි සැක කෙරේ. පෙරවරු 07.00ට පමණ ගින්න ආරම්භ වී ඇත. මේ හේතුවෙන් තෙ... |
"කෙහෙළියලාගේ මිලියන 97 මාස 3කට අත්හිටුවයි" | "හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා ඔහුගේ බිරිඳ ඇතුළු හය දෙනෙකුගේ නමින් පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන රුපියල් මිලියන 97.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස තුනක කාලයකට ක්‍රියාවිරහිත කිරීමට (අත්හිටුවීමට) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (05දා) නියෝග ක... |
"ණය ප්‍රමාණයෙන් ඩො. බිලියන 8ක සහනයක් ජනතාවට ලබාදීමට හැකි වුණා – ජනපති කුරුණෑගලදී කියයි" | "ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපාහැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වූ බව ඊයේ (05 දා) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණ... |
"ත්‍රාඩ දූෂිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක" | "ත්‍රාඩ දූසිත දේශපාලන වළල්ලෙන් අපේ රට ගලවා ගැනීමම ජාතික පුනරුදයක් යැයි විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ උළෙලේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය. අපේ රටේ ඇතිවී තිබෙන තත්වයත්, එය ඇතිවීමට හේතු සාධක පිළිබඳවත් ඉතාමත් හොඳින් කැටිකො... |
"පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවයි – ධම්මික පෙරේරා (ශ්‍රීලපොපෙ)" | "ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බව ව්‍යාපාරික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ (05දා) පැවැසීය. ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීයවේදීන්ගේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්... |
"මැතිවරණවලට බය ජනපති අනීතිකව බලයේ රැඳී සිටීමට උත්සාහ දරනවා – සජබ හිටපු පා. මන්ත්‍රී චමින්ද විජේසිරි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෙන් ජනාධිපති වුණ රනිල් වික්‍රමසිංහ මහතා විවිධ කූට උපක්‍රම යොදමින් රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් ජනාධිපති ධුරකාලය දීර්ඝ කරගැනීමට අනීතිකව කටයුතු කරන බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා... |
"ජපුර රෝහලට නව බස් සේවයක්" | "“සුව සැරිය රෝහල් සේවාව” නමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස්රථ සේවාවක් ඊයේ ඇරඹිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ‘සුව සැරිය රෝහල් සේවා’ විශේෂ බස්රථ සේවාව ඊයේ (05දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්... |
"අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගේ දේහය කොළඹ සිට ගුවන්නින් යාපනයට" | "අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාගේ දේහය කොළඹ සිට ගුවන් මගින් පෙරේදා (4 දා) යාපනය වෙත රැගෙන එනු ලැබීය. යාපනයේ මාර්ටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මුලස්ථානයේ දේහය තැන්පත් කිරීමෙන් පසුව ඊට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වල නායකයන් හා සාමාජිකයන් උපහාර දක්වනු ලැබීය. උතුරු පළාත් ආණ්... |
"සෝලාවලට ගෙවන ගණන් අඩු කළේ නව විදුලිබල පනතට පිටින් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරයි" | "විදුලිබල ඇමැති කංචන විජේසේකරගේ හිතුවක්කාර තීරණය හේතුවෙන් මෙගා වොට් 70කට ආසන්න සූර්ය බල ව්‍යාපෘති අකර්මණ්‍ය වී ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (5 දා) චෝදනා කළේය. එම සංගමය කොළඹදී ඊයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය. එහිදී සංජීව ධම්මික මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ... |
"එක තැන පල්වෙන සෞඛ්‍ය සේවාවට තාක්‍ෂණය මුසුකර නව මඟකට යොමුකළ යුතුයි – විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව" | "වසර තිහක් එක තැන පල්වෙමින් පවතින මෙරට සෞඛ්‍ය පද්ධතිය නූතන තාක්‍ෂණය සමග අනුගතකර, සෞඛ්‍ය රක්‍ෂණ හා සංචාරක වෛද්‍ය කර්මාන්තය ආදී නවාංග ද එකතු කර, නව මඟකට යොමු කළයුතු බව විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කළේය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ ‘හෙල්ත් 2030’ ජාති... |
"ඡන්දෙ කල්දාන්න ආණ්ඩුවට හෝ ජනපතිට අවශ්‍යතාවක් නෑ – ඇමැති මහින්ද අමරවීර බුලත්කොහුපිටියේදී කියයි" | "ජනාධිපතිතුමාට හෝ ආණ්ඩුවට ඡන්ද කල්දැමීමට හෝ ඡන්ද නොතියා සිටීමට අවශ්‍යතාවක් නොමැති බවත්, ජනාධිපතිවරණය පවත්වා ඉන් අනතුරුව මහා මැතිවරණයත්, ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ජන්දය පැවැත්වීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවැසුවේ පෙරේදා (04 දා) බුලත්කො... |
"නැගෙනහිර මුහුදේ ගිලුණු “HMS Hermes” නැවේ කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් උපහාර උළෙලක්" | "දෙවැනි ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් “HMS Hermes” නමැති ගුවන් යානා ප්‍රහාරක නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් පසුගිය 30දා සාර්කථව නිම කෙරුණි. ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ... |
"බ්‍රිතාන්‍ය ඡන්ද සටනට ශ්‍රී ලාංකීය සම්භවය ඇති හයදෙනෙක් තරග වදිති" | "ජූලි හතර වෙනිදා ආරම්භ වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් හය දෙනෙකු තරග කරන අතර ඉන් කාන්තාවන් දෙදෙනා අනෙක් හතර දෙනාට වඩා ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කොට තිබුණි. එම කාන්තාවන් දෙදෙනාම යාපනයේ ඉපිද පසුව විවිධ හේතූන් මත බ්‍රිතාන්‍යයට ගොස් එහි අධ්‍යාපනය ලබා මේ වන විට බ්‍ර... |
"සාගලලාගේ රථ පෙළ වීඩියෝ කළ සිසුවා අත්අඩංගුවට" | "ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන 22 හැවිරිදි සිසුවකු පෙරේදා (04 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් පදිංචි සිසුවෙකි. කොල්ලුපිටිය 28වැනි පටුමග හන්දිය අසලදී ඔහු අත්අඩංගුවට ... |
"විදෙස් නඩු තීන්දු පිළිගැනීමේ පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශ නඩු තීන්දු අන්‍යොන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05දා) අවසන් කළේය. එම විශේෂ පෙත්සම් තුන එස්. තුරෙයිරාජා, කම... |
"කුලී ඝාතකයා ගල්කිස්සේදී අල්ලයි: ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවකට පී.එච්.අයි මරලා" | "මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකව සිටි රොෂාන් කුමාර මහතා සාහසික අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා, ඝාතනයට යොදා ගත් ස්වයංක්‍රිය පිස්තෝලය ද සමග ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල නායකයකු ලබාදුන් රුපියල් ලක්ෂ 11ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ... |
"කෙහෙළියලාගේ මිලියන 93ක ගිණුම් තහනම්" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනාගේ සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන රුපියල් මිලියන 93.125ක වටිනාකමකින් යුත් ස්ථාවර තැන්... |
"උසාවි ගිය වැඩේට ජනපතිගේ සම්බන්ධයක් නෑ – මාධ්‍ය අංශය නිවේදනය කරයි" | "2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳව තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජ... |
"රටම ආවරණය කරමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැඟෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කර ගෙන රට ම ආවරණය වන ආකාරයට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මඩකලපුව දිස්ත්‍රික්කය හා නැඟෙනහිර පළාත දළදේශීය නිෂ්පාදිතයට සිදු කරන දායකත්වය සම්බන්ධයෙන් සොයාබැලූ අවස්ථාවේ උතුර, නැඟෙනහිර පළාත් දෙක මගින් ලබාදෙන දායකත්වය අ... |
"පොඩිත්තන් ඇමතූ හඳ නැන්දා දිවියට සමුදෙයි" | "ජාතික ගුවන්විදුලියෙන් ඇසුණු මේ පද පෙළ ඔබේ සිත් අද්දර මතකයේ රැඳී තිබෙනු නොඅනුමානය. ඔබේ, අපේ ළමා කාලය දැනුමින් හා ආකල්පමය වශයෙන් සුපෝෂණය කළ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ “හඳමාමා” ළමා වැඩසටහනින් දැයේ පොඩිත්තන් ඇමතූ සම්මානිත ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනි සුමනා ජයතිලක මහත්මිය හෙවත් “හඳ නැන්දා” පෙරේදා (03දා) රාත්‍රි සිය දිවි... |
"මට ලියුම් ගහන්න සිරිපාලට බලයක් නෑ – දයාසිරි කියයි" | "අධිකරණයෙන් ලැබුණු නියෝගය අනුව තමන් අද දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් මහ ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. මෙම අවස්ථාවට එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ආරාධනා කරන බවද හෙතෙම කීවේය. මෙම ... |
"ජනාධිපති ධුර කාලය දීර්ඝ කරගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථාවේ තිබෙන හිඩැස භාවිත කර ඔහුගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට උත්සහ කරනවානම් එය ප්‍රජාතන්ත්‍රවාදීව වැරදි කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (04දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මයන... |
"විත්තියෙන් පළිගන්න නඩු කල් තබා ගන්න හදන්න එපා – කොළඹ ප්‍රධාන මහ අධිකරණ විනිසුරු" | "කුමක් හෝ අධිකරණයට පවසා විත්ති පාර්ශ්වයෙන් පළිගැනීමේ චේතනාවෙන් නඩු කල් තැබීමට උත්සාහ නොකළ යුතු බවත් අධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නම් විත්තිය නිදහස් විය හැකි වුවත් සැබැවින්ම විත්තිය වරදක් කර ඇති නම් ඒ අයට එහි විපාක සොබාදහම හෝ ලබාදෙනු ඇති බවත් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් ... |
"පියුමිගේ ක්‍රීම්පැක් විකුණුවේ 3500 යි – කුරියර් එක සී.අයි.ඩී.යට කියයි" | "නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ සම පැහැපත් කරවන ක්‍රීම් වර්ග අලෙවි කළ කුරියර් සේවයේ ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අලෙවි කර ඇත්තේ ‘ක්‍රීම් පැක්‘ 3500 කට ආසන්න ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත. එහෙත් පියුමි හංසමාලි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කියා තිබුණේ එකක් රුපියල් 35,000ක් වටිනා ක්‍රී... |
"වතු වැටුප රු. 1700 කරන ගැසට්ටුවට අතුරු තහනමක්" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(04දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් කිහිපයක් විසින් ... |
"කතරගම ඇසළ මංගල්‍යය හෙට ඇරැඹෙයි" | "ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය හෙට (06 දා) ආරම්භ කෙරේ. එදින සිට දිනපතා පෙරහැර පැවැත්වෙන අතර අවසාන මහා පෙරහැර 21 වැනිදා වීදි සංචාරය කරයි. 22 වැනිදා අලුයම මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමත්හු මේ දිනවල කුමන සහ යාල... |
"බළපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලය රජයේ අනුග්‍රහයක් නැතුව සිදු කරන අනගි සේවාව අගය කරනවා – දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන" | "විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තරුණ භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසන්න හැසිරීම් සහ සිද්ධීන් දැක්කම බලවත් කනගාටුවක් ඇතිවන අතර සඟ පරපුරට තිබෙන ගෞරවය නැති වී යනවා යැයි, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 2021 වසරේ දී කරන ලද සමීක්ෂණය අනුව ලෝකයේ දාහත් දෙනකුගෙන් එක් අයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අතර 2023 වසරේ... |
""රේගු ලෙඩ සුව වෙයි – බහාලුම් 5,000ක් හිරවෙලා"" | "අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (04දා) සවස අත්හිටුවනු ලැබීය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළැඹි බවත්, ඒ අනුව රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකා... |
"හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා" | "මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (04දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ගම්පහ ව... |
"ප්‍රසන්න රණතුංගගේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්" | "ව්‍යාපාරිකයකු බියගන්වා අවස්ථා පහකදී රුපියල් මිලියන 64ක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් මිලියන 25ක දඩ ගෙවීමේ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 12වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හම... |
"රනිල්ට වැඩිපුර එක දිනයක්වත් දෙන්නේ නෑ – සාගර කාරියවසම්" | "ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා එක් දිනක් හෝ බලයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබානොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. මහ ලේකම්වරයා ඒ ... |
"ධුර කාලය වසර 5ද-6ද – ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත කරන තෙක් ජනපතිවරණය එපා" | "ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තෙවන කොටසේ 30 (2) අනුව්‍යවස්ථාව සංශෝධනයවී නොමැති බවටත් එය පාර්ලිමේන්තුව තුළදී නිසියාකාරව සංශෝධනය වූ බවට අර්ථකථනය නොකරන ලෙසටත් ඉල්ලා සිවිල් පුරවැසියකු මෙන්ම ව්‍යවසායකයකු ද වන සී. ඩී. ලේනව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවා... |
"රත්ගම විදුරලා සමග මුදල් ගනුදෙනු කළ දකුණේ හිටපු පොලිස් ලොක්කෙක්" | "රත්ගම විදුර නමැති පාතාල නායකයා සහ ඔහුගේ මස්සිනා සමග සමීප සබඳතා පවත්වමින් මහා පරිමාණ මුදල් ගනුදෙනුවල නිරත වූ බව කියන දකුණු පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පාතාල අපරාධකරුවන් සමග සිදුකළ මූල්‍ය ගනුදෙනු හෙළිදරව් වීමෙන් පසු මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹට මාරුකර යැ... |
"සම්පන්දන්ගේ දේහය පාර්ලිමේන්තුවට" | "හිටපු විපක්ෂ නායකවරයකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ. එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා ඇතුළු කැබිනට් අමාත්... |
"කොස් ගෙඩි තුනක් කැඩූවැයි මවගේ නිකට කැඩෙන්න විදුලි පන්දමෙන් ගහලා" | "දොඹගහවෙල පොලිස් වසමට අයත් හෙරලිගස්යාය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තම මවට පහරදී ප්‍රදේශයෙන් පලාගොස් සිටින ඇයගේ බාල පුතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඉකුත් 29 දා තිදරු මවක වන එම්. ඒ. ශ්‍රියානි නමැත්තිය ඇයගේ ඉඩමේ මායිමේ පිහිටි කොස් ගසකින් ගෙඩි තුන හතරක් කඩා ඇති අතර ඒ පිළිබඳව උරණ වූ ඇයගේ බාල පුතා මවට බැ... |
"ඉතිරි වූ මත්ජාවාරමුන් 530ක් අල්ලන්න – යුක්තිය දෙවැනි අදියර අද සිට ඇරැඹෙයි" | "පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද (04දා) සිට ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය. යුක්තිය මෙහෙයුමේ පළමු අදියරට මාස 06ක් පිරීම නිමිත්තෙන් එහි ප්‍රගතිය මාධ්‍යට දැනුවත් කිරීම සඳහා විශේෂ හමුවක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ පෙරේ... |
"රනිල්ට ධුර කාලය දික්කර ගන්න බැහැ – අනුර කුමාර දිසානායක" | "ජනාධිපති ධුරයේ කොටයක් අදින්න ආපු රනිල්ට කිසිසේත් ධුර කාලය දීර්ඝ කර ගැනීමට හැකියාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති හා ඔහුගේ ගෝලබාලයන් විවිධ උපක්‍රම, සටකපටකම් දියත් කළත් සහතික ලෙසින්ම පරාජයට පත්වන බවත්, රනිල් වික්‍රමසිංහත්, ඔහුගේ කුමන්ත්‍රණත් එකට තබා පරාජය කිරීමට සූදානම් බවත් පැ... |
"ගමේ ව්‍යවසායකින් බිහි කර ගමේ දියුණුවට අපිට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා" | "ගමේ තරුණයින් ව්‍යවසායකින් බවට පත් කරන්නත් ගම දියුණු කරන්නත් අපිට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය. සූරියවැව පැවති ගොවි සමුළුව අමතමින් වැඩි දුරටත් කතා කළ මහතා මෙසේද පැවසීය. ගොවිතැන සඳහා ලබා දෙන රසායනික පොහොර නතර කරන්න පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව... |
"දෙමටගොඩ චමින්දගේ බිරිඳ අල්ලන්න නියෝග" | "නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 50කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවි ජයනාත් නමැත්තාගේ බිරිඳ වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මේ වනවිට විදේශගත වී සැඟවී සිටින්නේ යැ... |
"දයාසිරි සමග සහයෝගයෙන් වැඩ කරන්න ලෑස්තියි – මෛත්‍රී කියයි" | "නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හිමිවූ දයාසිරි ජයසේකර මහතා සමග ඉදිරියට සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව හිටපු ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අස්ථාවර වී තිබෙන පක්ෂය නැවත ගොඩනැඟීම සඳහා ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට දයාසිරි ජයසේකර මහතාට අවස්ථාව ලැබී තිබෙන බවත් ... |
"එක්ස්ප්‍රස් පර්ල් නඩුව අත්හිටුවයි" | "ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා, ක... |
"නඩුබඩු ගබඩාවේ භාරකරු රිමාන්ඩ්" | "කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් සහිත විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1194ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නඩුභාණ්ඩ කාමරයේ භාරකරු ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊ... |
"ධීවර මළසිරුරු රැගෙන ඩෙවොන්-5 එයි" | "මුහුදේ පාවුණ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් මුහුද මැදදීම අසාධ්‍යව මියගිය ධීවරයින් සිව් දෙනාගේ මළ සිරුරු ද රැගෙන ඩෙවෝන් 05 යාත්‍රාව ඊයේ (03) තංගල්ල ධිවර වරායට ආ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස තංගල්ල ධීවර වරායට රැගෙන ආවේ පසුගිය 04 දා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටි... |
"දියුණු අධ්‍යාපනයක් උදෙසා සේවක ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුයි" | "අධ්‍යාපනය දියුණු වෙන්න නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත තුළ තම වෘත්තීය සම්බන්ධ විශ්වාසය බිඳ වැටී ඇති බවත් මේ මානව සම්පත ආත්ම තෘප්තියක් නොමැතිව සිය වෘත්තියේ යෙදී සිටින නිසා එහි බලපෑම සිදුවන්නේ 4... |
"ගුරුවරු අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි" | "ගුරු වෘත්තියට ඇතුළත් වන සියලු දෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර... |
"පොරොත්තු ලේඛනය 2029 ට දික්වෙලා – හෘද රෝගී ජීවිත අනතුරේ!" | "සැත්කම් බලාපොරොත්තුවෙන් පසුවන හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය 2029 දක්වා ඉහළ යෑමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. කොළඹ ජාතික රෝහල, කරාපිටිය, මහනුවර සහ යාපනය යන ප්‍රධාන රෝහල්වල සිදුකරන හදවත් සැත්කම් සඳහා අවශ්‍ය පහසුකම් සීමාවීම සහ රට ... |
"පුනර්ජනනීය විදුලියට ගෙවන ගණන් වෙනස් වෙයි" | "පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලින් මණ්ඩලය ලබාගන්නා විදුලියට සිදුකරන ගෙවීම් ජූලි 01 වැනිදා සිට සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කටයුතු කර ඇත. පාර්ශ්වකරුවන්ගේ, උපදේශකයන්ගේ හා අයකිරීම් කමිටුවේ නිර්දේශ මත 2022 වසරේදී ඉදිරිපත් කරන ලද එම අයක්‍රමය වත්මන් ආර්ථිකමය කාරණා හා සසඳමින් මෙම නව සංශෝධනයන් ස... |
"ජනපති සහ ඔහුගේ හිතවතුන් ජනපතිවරණය කල් දාන්න හදනවා – සජිත් මඩකලපුවේදී කියයි" | "ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීප කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ජනාධිපතිවරණය කල්දැමීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පසුගිය කාලයේ ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන් සහ අතකොළුවන් රටට නානාප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බව... |
"ජනාධිපතිවරණය කල්දැමීමට රජය විවිධ උප්පරවැට්ටි යොදනවා – ජී. එල්. පීරිස්" | "රජය විවිධ අතරමැදියන් යොදා ගනිමින් ජනාධිපතිවරණය කල්දමා ගැනීමේ අසාර්ථක හා නිසරු උප්පරවැට්ටිවල යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියා සිටී. මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කියා සිටි පීරිස් මහතා, ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 දෙවැනි උප වගන්තියෙන් පැහැදිලිව වසර 05ක් බවට දන... |
"රනිල් යූඑන්පියෙන් ඉවත්ව පොහොට්ටුවට ආවොත් ජනපතිවරණයේදී සහාය දෙන්න සලකා බලනවා" | "රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒ මහතාට සහයෝගය ලබාදීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (03) මාධ්‍ය වෙත පැවසීය. ඊයේ සවස අගමැති ද... |
"රේගුව අද – හෙට ලෙඩ වෙයි" | "දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් රේගු නිලධාරීන්ගේ සංගමය අද හා හෙට (4 හා 5) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත. දේශීය ආදායම්, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගු වෘත්ත... |
"ආර්. සම්පන්දන් ශෝක පණිවුඩ – ජනවාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් උදෙසා තම ජීවිතයම කැප කළා" | "තමා හා අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා 1977 එකටම පාර්ලිමේන්තුවට පැමිණි බවත් මෙරට ජනවාර්ගික ගැටලුව උදෙසා තිරසාර විසඳුමක් ලබාදීමේ කාර්යයට තම ජීවිතයම කැපකළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශෝක පණිවුඩයකින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එම පණිවුඩයේ මෙසේද දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද, 2015 සිට 2... |
"රටගිය දොස්තරගෙන් සූම් තාක්‍ෂණයෙන් ප්‍රකාශයක් ගැනීමට නියෝග" | "කොළඹ රිජ්වේ ආර්යා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී තුන්හැවිරිදි පිරිමි දරුවකුගේ රෝගී වකුගඩුව වෙනුවට නිරෝගී වකුගඩුව ඉවත් කළ බව කියන, මේ වනවිට විදේශගතවී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතාගෙන් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් ලබාගෙන, එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතාගෙන් ද ප්... |
"රුක්ෂාන් බෙල්ලන මොරටු එජාප කලාප සංවිධායක ධුරයට" | "කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, එක්සත් ජාතික පක්ෂයේ මොරටුව කලාප සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ තිබේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා (01දා) පැවැති වැඩසටහනකදී එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෛද්‍ය බෙල්ලන මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිරිනමා තිබේ. සුජීව තත්සර" |
"ලක්සල හිටපු සභාපතිට හා කළමනාකාර අධ්‍යක්ෂට ඇප" | "ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත හා ලක්සල හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂිකා ලක්ෂ්මි විනෝන් එදිරිවීර පෙරේරා යන දෙදෙනාට අධිචෝදනා භාරදී රුපියල් 15,000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (03දා) නියෝග කළේය. ඇප ලබාගැනීමෙන් අනතුරුව සෑම මසකම අවසන... |
"හරක් කටා පිළිබඳ සී.අයි.ඩී. විමර්ශන පිටපත් විත්තියට දීමට නියෝග" | "ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සහතික පිටපතක් හා එම විත්තිකරු සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති විමර්ශනවල උද්ධෘත... |
"නිමි ඇඳුම් අරන් පොලු තැබූ සැකකරු තවදුරටත් රිමාන්ඩ්" | "රුපියල් දහතුන් ලක්ෂ අනූනව දහස් හයසීයක නිමි ඇඳුම් ලබාගෙන මුදල් නොදී වංචා කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තැනැත්තකු මේ මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකරුගෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රකාශයක් ලබාගැනීමට මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් කැලණිය කොට්ඨා... |
"කවුරු බලයට ආවත් මේ පාර හැර වෙන පාරක් නැහැ – ජනපති මැති සබයේදී කියයි" | "ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ... |
"මෛත්‍රී වැසූ දොර දයාසිරිට උසාවිය ඇරදෙයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම හා ඔහුට එම පක්‍ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස... |
"බෝම්බ බියකින් මහනුවර අධිකරණයේ වැඩ නවතී" | "මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඊයේ (02 දා) උදෑසන බෝම්බ බියක් පැතිර යෑම නිසා අධිකරණයේ කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවී ඇත. අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් තිබෙන බවට 119 හදිසි ඇමතුම් ඔස්සේ පොලිසියට ව්‍යාජ තොරතුරක් ලබාදුන් පුද්ගලයා වටවල ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඊයේ විභාග කිරීමට තිබූ සියලුම නඩු මෙ... |
"ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කර රට වෙනුවෙන් සහන ගන්න ජනපති අසමත් වෙලා – සජිත් ප්‍රේමදාස" | "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකරන ලෙසත් ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජනතාව බිල්ලට නොතියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ඉල්ලා සිටියේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක... |
"අප කියන දේම කරන්න ණය හිමියන් එකඟ වෙන්නේ නෑ – ජනපති" | "අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයන් සාර්ථක සිදු කරගත් බවත් ඊළඟට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීම වන අතර මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ... |
"අප කියන දේම කරන්න ණය හිමියන් එකඟ වෙන්නේ නෑ – ජනපති" | "අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වූ විදේශීය ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යයන් සාර්ථක සිදු කරගත් බවත් ඊළඟට ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් වූ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම අවසන් කර ගැනීම වන අතර මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ... |
"සම්පන්දන්ගේ දේහය කොළඹ මල්ශාලාවක…" | "දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, කෘතහස්ත දේශපාලනඥ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා ඊයේ (02දා) කොළඹ – බොරැල්ල බානි රේමන් ආයතනයේ තැන්පත් කර තිබූ අයුරු. ඒ මහතාගේ පුත්‍රයා සහ දියණිය ද දේහය අසල වෙති. (ඡායාරූපයේ දකුණු පස) පිංතූරය – නිමල් දයාරත්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්... |
"‘මැතිවරණ නීතිය තාමත් ක්‍රියාත්මකයි: මගේ විධානවලට අවනත වන්න – මැ.කො. පක්‍ෂවලට දන්වයි" | "වර්තමානයේ පවතින්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලපරිච්ඡේදයක් බැවින් තමන් කිකුත් කර ඇති විධාන හා චක්‍රලේඛවලට අනුගතව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්‍ෂවලින් ඊයේ (02දා) ඉල්ලීමක් කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ දක්වා පවත්වා අවසන්ව නැති නිසා මැතිවරණ නීතිය තවමත් ක්‍රියාත්මක බවද එම නිසා පක්‍ෂව... |
"ලිට්‍රෝ ගෑස් මිල බස්සයි" | "කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (02 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100කින් අඩුකළ බවත්, ඒ අනුව කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 3690ක් බවත් ලිට්‍රෝ සමාගම පවසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1482 කි. එමෙන්ම, කිලෝග්... |
"උසාවි තීන්දුව අනුව ශ්‍රීලනිප නීත්‍යනුකූල ලේකම් දයාසිරි" | "අධිකරණයේ තීන්දුව ප්‍රකාරව දයාසිරි ජයසේකර මහතා කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවා පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑම බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය පූර්ණ සහයෝගය ලබාදෙ... |
"පොලිස්පති නමින් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යයේ" | "පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කළ බවට හැඟවෙන ලෙස සමාජ මාධ්‍යවල සැරිසරන ව්‍යාජ ලිපියක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් අරඹා තිබේ. ධර්ම චක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාව හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමක ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ව්‍යාජ ලිපිය සැරිසරන බව පොලිස් මූලස... |
"කෙහෙළියට ඇප දෙනවාද… නැද්ද?" | "හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඔහු ඇපමත මුදාහරින ලෙසට නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන තීන්දුව ලබන අගෝස්තු පළමු වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02දා) දින නියම කළේය. තමන් සැකකරුවකු ලෙස නම් කර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගො... |
"8ට පෙර විසඳුමක් නැති නම් ග්‍රාම නිලධාරී සටන දැඩි වෙයි" | "ග්‍රාම නිලධාරීන් 14,000 කගේ ගැටලුවලට ජූලි 08 වැනිදා වනවිට විසඳුම් ලබා නොදුනහොත් වැඩ වර්ජනය දැඩි කරන බවත්, එතෙක් අකුරට වැඩ කිරීමේ කටයුත්ත සිදුකරගෙන යන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (02දා) පැවසීය. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග පෙරේදා (01දා) පැවති... |
"බැංකුවලට එරෙහි ඇමැති දෙදෙනාගේ ප්‍රකාශ බැංකු සංගමය ඉවත දමයි" | "ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු විසින් බැංකුවලට එරෙහිව මෑතකදී සිදුකළ ප්‍රකාශයන් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් “වැරදි වැටහීම් ඇති කරන, නොමඟ යවනසලු සාවද්‍ය හා ප්‍රයෝජනවත් නොවන” ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කා... |
"පාසල් වෑන් ගාස්තු බස්සන්න බැහැලු" | "සුපර් ඩීසල් මිලේ සාමාන්‍ය අඩුවක් වුවත් ඔටෝ ඩීසල් මිල අඩු නොවුණු නිසාත්, බස් රථ හා වෑන් රථවල අමතර කොටස්වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නිසාත්, පාසල් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කිරීමට මේ අවස්ථාවේ නොහැකි බව, සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිශ්චන්ද්‍ර මහතා ‘දිවයින’ ට පැවැසී... |
"උසාවියට අපහාස කළැයි – ලෝගුව ගැලවූ හිටපු නීතිඥ යළි කූඩුවට" | "අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටි සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති හිටපු නීතිඥවරයාගේ ඇප බැඳුම්කරය වහාම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (01දා) නියෝග කළේය. එම නීතිඥවරයා ඇප ලබාදීමේදී අධිකරණය විසින් නියම කළ කොන්දේසි දිගින් ... |
"කාර්මික දෝෂයකට ලක්වෙලා – ධීවර මළසිරුරු රැගෙන DEVON 5 ගොඩබිමට ගේන්න හෙට වෙයි" | "මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මියගිය ධීවරයන් සිව්දෙනකුගේ දේහයන් රැගත් DEVON 5 බහුදින යාත්‍රාව ගොඩබිමට පැමිණීමට හෙට (03දා) දක්වා කල් ගතවන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඊයේ (01දා) පැවසීය. තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය DEVON 5 යාත්‍රාවේ ධීවරය... |
"ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි – අවසන් කටයුතු 7දා ත්‍රිකුණාමලයේදී" | "කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක අභාවප්‍රාප්ත, ආර්. සම්පන්දන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 07 වැනිදා ත්‍රිකුණාමලයේදී සිදුකිරීමට නියමිතය. කලක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (30දා) රාත්‍රි අභාවප්‍රාප්ත වූ සම්පන්දන් මහතා මියයන විට 91 වන වියෙහි පසුවිය. 1933 වර්... |
"තමිල්නාඩු ධීවරයන් 25ක් අපේ මුහුදෙන් අල්ලයි" | "ඉන්දීය ධීවරයන් 25 දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නන්ඩතීව් දූපත අසලදී තමිල්නාඩුවේ රාමනාතශ්පුරම් ධීවරයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේය. මේ පිරිස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඉරිදා දිනයේ ය. මෙලෙස ලංකා නාවික හමුදාව, තම ඥාතීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම ධීවරයන්ගේ පවුල්වල පිරිස් ඊයේ ... |
"වැඩබලන නීතිපති දිවුරුම් දෙයි…" | "නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා ඊයේ (01දා) පෙරවරුවේ වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා පසුගිය 26 වැනිදා විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා ල... |
"නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිරුණිකාගෙන් අභියාචනාවක් හා ඇප අයැදුමක්" | "තමන්ට මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා නියම කළ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අවලංගු කර, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් හා ඇප අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ඊයේ (01දා) ගොනු කළාය. එම අභියාචනා පෙත්සම, අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා මහාධිකරණ ල... |
"විවාදය නෑ: අද මැති සබේ ජනපතිගේ ප්‍රකාශය පමණයි" | "විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02දා) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඒ අනුව අද සහ හෙට (02 – 03) පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළි... |
"ඩයනාට එරෙහිව අල්ලස් කොමිසමත් විමර්ශන අරඹයි" | "අධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ රාජ්‍ය ඇමැති ධුරය අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය, සිය වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට රාජ්‍ය දේපළ අවභාවිත කර දූෂණයන් සහ වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 2020 අගෝස්තු මාසයේදී ජාතික ලැයිස්තු ... |
"ඊයේ රාත්‍රී සිට බස් ගාස්තු 5% කින් පහළට" | "බස් ගාස්තුව ඊයේ (01දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28කි. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන බවද හෙතෙම කීය. මෙම සංශෝධනයට අනුව සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී ... |
"මාලිමාවේ ප්‍රතිපත්ති නියමුවන් වන්නේ නිපුණතාවෙන් හෙබි පිරිසක්" | "මාලිමාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි නිපුණතාවන් සහිත පිරිසක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් පැවති හමුවේදී හෙතෙම මේ කරුණු හෙළිකර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. අපේ ... |
"ශ්‍රී ලංකාව ව්‍යවසායක රාජ්‍යයක් කිරීම අපේ අරමුණයි – දිලිත් ජයවීර" | "ශ්‍රී ලංකාව ව්‍යවසායක රාජ්‍යයක් කිරීම තම අරමුණ බවත් ඒ ගැන දැනුවත් කිරීමට ඉදිරියේදී සෑම ග්‍රාමසේවා වසමකටම පැමිණෙන බවත් සමහර පිරිස් මොනතරම් මඩ ගැහුවත් අප සමග ඉන්නේ රට ගැන හිතන නිර්මල අවංක පිරිසක් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ සර්ව ජන බලය එකමුතුවේ ඉදිරිවැඩ පිළිවෙල සම්බන්ධයෙන්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.